multiplication:As Simple as that.(ගුණ කිරීමත් කජ්ජක්ද?)

සංඛ්‍යා දෙකක් ගුණ කිරීම යනු අපි හැමදෙනාම කුඩා කාලයේදීම ඉගෙන ගත්තු දෙයක්.මෙලෙස අංක දෙකක් හෝ ඊට වැඩි ගණනක සංඛ්‍යා දෙකක් ගුණ කිරීමේදී අප පුරුදු වී ඇත්තේ එය පේළි දෙකකට ලියා පහළ ඇති එක එකක් සංඛ්‍යාවෙන් ඉහළ ඇති සංඛ්‍යාව ගුණ කර පසුව ඒවා එකතු කර පිළිතුර ලබා ගැනීමේ ක්‍රමයයි.
උදා:-          1245
               *    66
                 7470
               7470  
               82170   

නමුත් මෙම ක්‍රමය සරලව සිතා බැලුවහොත් මෙහි පිළිතුර කිසිඳු කරදයිකින් තොරව හා මෙවැනි පියවර ආකාරයෙන් සිදු නොකිරීමෙන් එකවිටම ලබා ගන්න පුළුවන්.මෙම ක්‍රමයේදී පිළිතුර අග සිට මුලට එනම් දකුණේ සිට වමට ලියන අතර මෙහිදී කරනු ලබන්නේද ඉහත කළ දේම බව ඔබට අවබෝධ වෙයි.මෙම ක්‍රමයේදීද අංක දෙකක් ගුණ කළ විට පිළිතුරෙහි අග ඉලක්කම මුලින් ලියා අනෙක් ඉලක්කම ඉතුරු ලෙස තබා ගන්න.(උදා:- 6 * 6 = 36 , මෙම පිළිතුරෙහි 6 ඉලක්කම මුලින් ලියා 3 ඉලක්කම ඉතුරු ලෙස සලකන්න.)
ඉහත  ප්‍රථමයෙන්ම සඳහන් උදාහරණය මේ ආකාරයෙන් ගුණ කරන ආකාරය පියවර වශයෙන් පහත දක්වා ඇත.



=                                  {(6*5)}  ----------->30;  ඉතුරු   3




=              {[(6*4)+(6*5)+3]} ,0  ----------->57; ඉතුරු   5




=          {[(6*2)+(6*4)+5]} ,7 0  ----------->41;  ඉතුරු   4



=        {[(6*1)+(6*2)+4]} , 170  ----------->22;  ඉතුරු   2



=                  {[(6*1)+2]} , 2170  -----------> 8;  ඉතුරු   0 
(අවසාන ගුණ කිරිමේදී සම්පූර්ණ සංඛ්‍යාවම ලිවිය යුතුය.)


  පිළිතුර                                                    =                                      82170

මේ ආකාරයෙන් ගුණ කිරීම මුලින්ම මා තේරුම්ගත්තේ A/L කරනකාලයේ භෞතික විද්‍යාව ගැටළු විසඳන අතරතුරේදී වන නමුත් පසු කලෙකදී එක්තරා පැරණි ගණිතය ග්‍රන්ථයකද මේ පිළිබඳ දැක ගත හැකි විය.ඇත්තෙන්ම මෙය අප ගුණ කිරීමට හුරු වූ ක්‍රමයම සරලාකාරයෙන් දැක්මක් වේ.මෙම ක්‍රමයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා විවිධ සුළු කිරීම් නිතර නිතර අභ්‍යාස කළ යුතු අතර වේගයෙන් සුළු කිරීමටද හුරු විය යුතුය.මෙහි නිවැරදි භාවය සහ ප්‍රයෝජනය අත්විඳීමටනම් ඔබ විසින් මෙය ඉතා හොඳින් හුරු පුරුදු විය යුතුය.මෙහි දක්වා ඇත්තේ ඉලක්කම් හතරක සංඛ්‍යාවක්,ඉලක්කම් දෙකක සංඛ්‍යාවකින් ගුණ කරන ආකාරය වුවත් ඉලක්කම් හතරක සංඛ්‍යාවක්,ඉලක්කම් හතරක සංඛ්‍යාවකින් ගුණ කිරීමද ඉහත ආකාරයටම පහසුවෙන් කළ හැක.ඉහත ගණනය කිරීමේ පියවර සිතින් පමණක් සිදුකල යුතු අතර,එවිට පිළිතුර පමණක් අග සිට මුලට ලිවිය හැක.








             






ඇන්ඩ්‍රොයිඩ් පාක්කු බිත්තර.

/hihi
ඔබත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් භාවිතා කරනවනම් සහ එයට සයොනජන්මොඩ් රොම් (CyanogenMod) පිහිටුවා ඇතිනම් පහත වීඩියෝවේ දක්වා ඇති පාක්කු බිත්තර (Easter Eggs) සඳහා උත්සාහ කර බලන්න.

Menu button>Settings>About phone වෙත පිවිස "Android version" මත නොනවත්වා සහ වේගවත්ව තට්ටුකරන්න.(continuous rapid tapping).එවිට "Zombie art" පින්තූරය දැකිය හැකිය.
ඉහත පරිදිම "Mod version" යන්න මතද උත්සාහ කර බලන්න.


/bye



කොමියුනිකේෂන් සෙන්ටර් සහ සිංහල යුනිකෝඩ්

/hihi

සිංහල යුනිකේත කියන්නේ,පරිගණක ලෝකය තුල සිංහල නිවැරදිව යතුරු ලියනය කිරීමට ඔබත් මමත් ඒවගේම බොහෝ දෙනා භාවිතා කරන අන්තර්ජාතික  සංගත කේතීකරණ සම්මතයකටයි.සරලවම කිව්වොත් පරිගණක මගින් සිංහල යතුරු ලියන සඳහා ජාත්‍යයන්තරව පිළිගත් ක්‍රමවේදයයි.
මේ ලියන්න හදන්නේ සිංහල යුනිකේත පිළිබඳ පාඩමක් නම් නෙමෙයි. :)  මට ළඟඳී දවසක සිද්ධ වුන අත්දැකීමක් ගැනයි. සිංහල යුනිකේත වලින් යතුරු ලියනය කරපු ලිපියක මුද්‍රිත පිටපතක් ගන්න ඕන වෙලා මම කොමියුනිකේෂන් එකකට ගියා.එය පෙන් ඩ්‍රයිව් එකක .doc ෆයිල් ටයිප් එකෙන් තමයි අරන් ගියේ.(කරුමෙ කියන්නේ .pdf විදියට අරන් යන්න අමතක උනානෙ. :() 
කොහොමහරි කොමියුනිකේෂන් එකේ පොර වගේ හිටිය අයියට මම පෙන් ඩ්‍රයිව් එක දීලා මගේ අවශ්‍යතාවත් කිව්ව.ඊළඟට මෙන්න මෑන්සුත් පෙන් එක ආසාධනය වෙලාද කියලා බලලා ඉවර උනාම අර කිව්ව ෆයිල් එක ඕපන් කළා.කොටු ටිකක් විතරයි පේන්නේ.ඊට පස්සේ මම  කිව්වා අයියේ මම ඕක සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කළේ ඔය මැසිමෙ ඒක ඉන්ස්ටෝල් කරලා නැද්ද කියලා.මෙන්න එතකොට මේ මිනිහා ෆුල් ගට්ස් පිට මට කියනවා මල්ලී අපි ඔය එක එක සොෆ්ට්වෙයාර් මේවයේ ඉන්ස්ටෝල් කරන්නේ නෑ කියලා.මේවගේ තැන් තුනකටම ගියපු මට ලැබුනේ මේ හා සමානම උත්තර.
කොහොම උනත් මෙතනින් තැන් දෙකක්ම ඒ පැත්තේ තියන තරමක් ප්‍රසිද්ධ පරිගණක අලුත්වැඩියා කරන මෙන්ම ටයිප්සෙටින් කරන තැන්.මට ඒ වෙලාවෙ ඇතිවුන ගැටළුව තමයි පරිගණක සහ ටයිප් සෙටින් ක්ෂේත්‍රයට ඉතාමත්ම අදාල වෙලත් මේවයේ හිටපු අයගේ සිංහල යුනිකේත පිළිබඳ තිබුන අල්ප දැනුම සහ එය ස්ථාපනය සඳහා තිබුණ බිය පිළිබඳ.
මේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම මෝඩකම තමයි යමක් ගැන දන්න කෙනෙක් ඒවා ගැන පැහැදිලි කරාම ඒක පිළිගන්න තරම්වත් නිහතමානී නොවීම.මේවගේ අය තමයි,පරිගණක ගැන අඩු දැනුමක් ඇති අය එයාලගෙ සේවාව ලබා ගැනීමට ආවම ඒ මිනිස්සුන්ව අමාරුවෙ දාන්නේ.
මේ වගේ අත්දැකීම් ඔයාලටත් ඇති.මට මේකෙන් කියන්න ඕන කළේ අපි අතර සිංහල යුනිකේත භාවිතය සහ ඒ පිළිබඳ අවබෝධය මීට වඩා ව්‍යාප්ත විය යුතුය යන්නයි.

/bye

ඔබත් බොට්නෙට් එකක සාමාජිකයෙක්ද?

/hihi
මම අද කියන්න යන්නෙ බොට්නෙට් එකක සාමාජිකයෙක් වෙන විදියක් ගැන නම් නෙමෙයි,කොහොමද ඒකෙන් බේරිලා ඉන්නෙ කියන එක ගැනයි.ඇත්තටම කියනවනම් ගොඩක් දෙනෙකුට වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ගොඩක් අඩුවීම.හැමතැනින්ම හම්බවෙන සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරගත්තහම ඔහොම තමයි ඉතින්. :D

ඇත්තටම ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි වැඩිය සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඕනම සොෆ්ට්වෙයා එකක් ස්ථාපනය කරන එක.මේ නිසා සිද්ධ වෙන දෙයක් තමයි දන්නෙම නැතුව ඔබත් බොට්නෙට් එකක සාමාජිකයෙක් වෙන එක.බොට්නෙට් එකකට දායක වෙනවා කියන්නේ,එය ක්‍රියාකරවන්නා ඔබගේ පරිගණකයෙහි ක්‍රියාකාරීත්වය ඔහුගේ පාලනයට ලබාගැනීමයි.ඇත්තෙන්ම බොට් නෙට් ක්‍රියා කරවන්නා හට ඔබගේ පරිගණකයෙහි ඇති ඕනෑම තොරතුරක් ලබා ගැනීමට පුළුවන.ඔබේ පරිගණකයත් බොට්නෙට් එකක ග්‍රහණයට හසු වී ඇතිද යන්න බැලීමට මූලිකම සහ පහසුම ක්‍රමය වන්නේ පරිගණකයෙහි අන්තර්ජාල සම්බන්ධතාව ප්‍රෙයෝජනයට ගන්නා මෘදුකාංග වසා දැමීමෙන් අනතුරුවද ‍TaskManager හි ඇති Networking ටැබ් එක යටතේ ජාලය ප්‍රයෝජනයට ගන්නා (Network Utilization Percentage) ප්‍රතිශතය සැලකීමෙනි.මෙම අගය සැලකිය යුතු අගයක පවතීනම් එයින් හැඟීයන්නේ පරිගණකය බොහෝදුරට බොට්නෙට් එකකට සම්බන්ධ වී ඇති බවයි.

නිතර අන්තර්ජාල පරිභෝජනය සම්බන්ධව අවධානයෙන් සිටීම මේ නිසා වැදගත් වන අතර ඒ සඳහා සුදුසු නිදහස් මෘදුකාංගයක් ලෙස ‍NetWorx හඳුන්වා දිය හැකිය.මේ මඟින් පහත වූ ප්‍රෙයෝජන ලබාගත හැකිය.

  • අන්තර්ජාල සම්බන්ධතාවයෙහි වේගය.
  • භාවිතා කරන ලද දත්ත ප්‍රමාණය (දෛනික,මාසික,වාර්ෂික වශයෙන්) - (මේ නිසා සීමා සහිත දත්ත ප්‍රමාණයක් ඇති අන්තර්ජාල සම්බන්ධතා භාවිතා කරන්නන් හට එය පහසුවෙන් කළමණාකරණය කර ගත හැකිය.බොහෝවිට ඩොන්ගලය සමග ලැබෙන මෘදුකාංගයේ සියළුම දත්ත ප්‍රමාණය මිස එය වෙන් වෙන්ව ලබා ගැනීමට නොහැකිය.)
  • අන්තර්ජාල සම්බන්ධතාව කිසියම් මට්ටමකට වඩා ක්‍රයාකාරීවීමේදී එය දැනුම් දීමට හෝ විසම්බන්ධනය වීමට සැලස්විය හැකි වීම
  • සැක සහිත අන්තර්ජාල ක්‍රියාකාරීත්වයන් නිරීක්ෂණය කළ හැකි වීම.
  • ටාස්ක් බාර් එක මත වූ කුඩා අයිකනයක් මඟින් භාගත සහ උඩුගත වේගයන් නිරීක්ෂණය කළ හැකි වීම.

                                                  /bye

Windows වලටත් Chrome ටැබ්

ක්‍රෝම් වල තියන ටැබ් ක්‍රමය වින්ඩෝස් වලටත් තියනවනම් කොයිතරම් පහසුවක්ද නේද? වින්ඩෝස් වලදී විවෘත කරගෙන සිටින මෘදුකාංග ක්‍රෝම් වල ඇති ටැබ් ආකාරය අනුව සකස් කර ගත හැකි නම් එය පහසුවක් වගේම කාර්යක්ෂම බවත් ඇති කරනවා.Windows 7 වලදිනම් කාර්යන්ෂම ටාස්ක් බාර් එකක් තිබුණත් Windows Vista සහ Windows XP වලදිනම් ඇප්ලිකේෂන් කිහිපයක් විවෘත කරගත් විට ටාස්ක් බාර් එක ඉඩ මදි.

මේ සඳහා විකල්පයක් ලෙස තමයි ක්‍රෝම් වල ඇති ආකාරයේ ටැබ් ක්‍රමයක් වින්ඩෝව්ස් සඳහා හඳුන්වලා දීලා තියෙන්නේ.පහත මෘදුකාංගය ස්ථාපනය මඟින් මෙම පහසුකම අත්විඳිය හැක.මෙය Windows 7,Windows Vista,Windows XP සඳහා භාවිතා කළ හැකි අතර Microsoft .NET Framework 2.0   ස්ථාපනය අවශ්‍ය වේ.

WindowTabs භාගත කරගන්න.
Microsoft .NET Framework 2.0 භාගත කරගන්න.

Admin ගිණුමක් ඇති විට Administrator මුර පදය වෙනස් කරමු.

1.My Computer මත රයිට් ක්ල්ක් කර Manage යන්න තෝරන්න

2.Local Users and Groups යන්න තෝරා දකුණු පැනලයේ ඇති Users යන්න තෝරන්න.


3.දැන් Administrator යන්න මත මවුසයේ දකුණු බොත්තම තද කළ විට ලැබෙන මෙනුවෙහි Set Password යන්න තෝරා නව රහස්‍ය පදය ලබා දී OK බොත්තම තෝරන්න.




කවුළුවෙන් රිංගා කවුළුවට ඇතුළු වීම.

පරිගණකයේ Administrator සහ Admin ලෙස ගිණුම් දෙකක් ඇති අවස්ථාවකදී Administrator ගිණුමෙහි රහස්‍ය පදය අමතක වූ විට එයට ඇතුළු විය හැකි ක්‍රමයක් පිළිබඳ විස්තර කරන්න තමයි මේ හදන්නේ.කරුණාකර ‍‍‍මෙය කිසිවෙකුට හානියක් කිරීමට යොදානොගන්නා මෙන් ඉල්ලා සිටිනවා.මෙය වින්ඩෝව්ස් මෙහෙයුම් පද්ධතියේ සැකසුම් වෙනස් කිරීම මඟින් තමයි කරන්නේ.එහෙනම් ඉතින් වැඩේට බහිමු.
මුලින්ම Window Key + R මඟින් Run කවුළුව විවෘත තර ගන්න.දැන් එහි mmc ලෙස යතුරු ලියනය කරන්න.දැන් පහත පරිදි වින්ඩෝවක් ලැබෙන අතර උපකාරක අනුව ඉදිරියට යන්න.


1.File මෙනුව වෙත ගොස් Add/remove snap in යන්න තෝරන්න.


2.Add යන්න තෝරන්න.


3.දැන් Local Users and Groups යන්න තෝරා Add කරන්න.


4.Finish තෝරන්න.


5.Local Users and Groups[Local] යන්න තෝරා OK බොත්තම ඔබන්න.


6.මෙහි පහත පරිදි තෝරා Users යන්න තෝරන්න.


7.දැන් Administrator යන්න මත රයිට් ක්ලික් කර Set Password යන්න තෝරන්න.


8.ඊළඟට ලැබෙන වින්ඩෝවේ Proceed යන්න තේරූ විට ලැබෙන වින්ඩෝව තුල අදාල ස්ථානයේ නව රහස්‍ය අංකය ලබා දෙන්න.දැන් OK බොත්තම තෝරන්න.


මෙහිදී,
  • පරිගණක මතකයේ ඇති අන්තර්ජාල රහස්‍ය පද
  • පරිශිලකයා මඟින් කේතාංකනය(Encrypt) කළ දත්ත මැකී යා හැක.


මෙය සිදු කළ හැකි තව ආකාරයක් ඇත.ඒ සඳහා මෙතැන කොටන්න.