ඔබත් බොට්නෙට් එකක සාමාජිකයෙක්ද?

/hihi
මම අද කියන්න යන්නෙ බොට්නෙට් එකක සාමාජිකයෙක් වෙන විදියක් ගැන නම් නෙමෙයි,කොහොමද ඒකෙන් බේරිලා ඉන්නෙ කියන එක ගැනයි.ඇත්තටම කියනවනම් ගොඩක් දෙනෙකුට වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ගොඩක් අඩුවීම.හැමතැනින්ම හම්බවෙන සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරගත්තහම ඔහොම තමයි ඉතින්. :D

ඇත්තටම ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි වැඩිය සෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඕනම සොෆ්ට්වෙයා එකක් ස්ථාපනය කරන එක.මේ නිසා සිද්ධ වෙන දෙයක් තමයි දන්නෙම නැතුව ඔබත් බොට්නෙට් එකක සාමාජිකයෙක් වෙන එක.බොට්නෙට් එකකට දායක වෙනවා කියන්නේ,එය ක්‍රියාකරවන්නා ඔබගේ පරිගණකයෙහි ක්‍රියාකාරීත්වය ඔහුගේ පාලනයට ලබාගැනීමයි.ඇත්තෙන්ම බොට් නෙට් ක්‍රියා කරවන්නා හට ඔබගේ පරිගණකයෙහි ඇති ඕනෑම තොරතුරක් ලබා ගැනීමට පුළුවන.ඔබේ පරිගණකයත් බොට්නෙට් එකක ග්‍රහණයට හසු වී ඇතිද යන්න බැලීමට මූලිකම සහ පහසුම ක්‍රමය වන්නේ පරිගණකයෙහි අන්තර්ජාල සම්බන්ධතාව ප්‍රෙයෝජනයට ගන්නා මෘදුකාංග වසා දැමීමෙන් අනතුරුවද ‍TaskManager හි ඇති Networking ටැබ් එක යටතේ ජාලය ප්‍රයෝජනයට ගන්නා (Network Utilization Percentage) ප්‍රතිශතය සැලකීමෙනි.මෙම අගය සැලකිය යුතු අගයක පවතීනම් එයින් හැඟීයන්නේ පරිගණකය බොහෝදුරට බොට්නෙට් එකකට සම්බන්ධ වී ඇති බවයි.

නිතර අන්තර්ජාල පරිභෝජනය සම්බන්ධව අවධානයෙන් සිටීම මේ නිසා වැදගත් වන අතර ඒ සඳහා සුදුසු නිදහස් මෘදුකාංගයක් ලෙස ‍NetWorx හඳුන්වා දිය හැකිය.මේ මඟින් පහත වූ ප්‍රෙයෝජන ලබාගත හැකිය.

  • අන්තර්ජාල සම්බන්ධතාවයෙහි වේගය.
  • භාවිතා කරන ලද දත්ත ප්‍රමාණය (දෛනික,මාසික,වාර්ෂික වශයෙන්) - (මේ නිසා සීමා සහිත දත්ත ප්‍රමාණයක් ඇති අන්තර්ජාල සම්බන්ධතා භාවිතා කරන්නන් හට එය පහසුවෙන් කළමණාකරණය කර ගත හැකිය.බොහෝවිට ඩොන්ගලය සමග ලැබෙන මෘදුකාංගයේ සියළුම දත්ත ප්‍රමාණය මිස එය වෙන් වෙන්ව ලබා ගැනීමට නොහැකිය.)
  • අන්තර්ජාල සම්බන්ධතාව කිසියම් මට්ටමකට වඩා ක්‍රයාකාරීවීමේදී එය දැනුම් දීමට හෝ විසම්බන්ධනය වීමට සැලස්විය හැකි වීම
  • සැක සහිත අන්තර්ජාල ක්‍රියාකාරීත්වයන් නිරීක්ෂණය කළ හැකි වීම.
  • ටාස්ක් බාර් එක මත වූ කුඩා අයිකනයක් මඟින් භාගත සහ උඩුගත වේගයන් නිරීක්ෂණය කළ හැකි වීම.

                                                  /bye